පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීම

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ රෙගුලාසි හෙට විවාදයට

by Staff writer 21-02-2023 | 3:50 PM

COLOMBO ( News 1st ) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ  කාරක සභා රැස්වීමක් අද (21) පැවැත්විණි.

ඒ , කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.. 

මැතිවරණය කල් දැමීම ඇතුළු රටේ වත්මත් තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ලබා දෙන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී  කතානායකවරයා ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළේ ය. 

නමුත් ඒ සඳහා විවාදයක් ලබා දීම ආණ්ඩු පක්ෂය ප්‍රතික්ෂේප කළ අතර ඒ අනුව හෙට (22) දිනයේදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට අදාළ රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. 

පෙර පැවති පක්ෂ නායක රැස්වීමේ ගනු ලැබූ  තීරණයක් අනුව එම විවාදය පැවැත්වේ.