.webp)
COLOMBO ( News 1st ) - මූල්‍ය ගැටලු හේතුවෙන් තාවකාලිකව නවතා ඇති සියලුම ව්‍යාපෘති නැවත ආරම්භ කරන ලෙස , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ඉල්ලා තිබේ.
ඒ , දකුණු ආසියාව සඳහා වන JAICA අධ්‍යක්ෂ, ජනරාල් ඉතෝ තෙරුයුකි මහතා අග්‍රාමාත්‍යවරයා හමුවු අවස්ථාවේදී ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කළ වහාම JAICA ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව තෙරුයුකි මහතා එහිදී සහතික වී තිබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ, නිවේදනයක දැක්වෙන්නේ රාජ්‍ය මූල්‍ය අර්බුදය හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් වටිනා JAICA ව්‍යාපෘති 12 ක් මේ වන විට තාවකාලිකව නතර කර ඇති බවයි.
නගර කිහිපයක ක්‍රියාත්මක ජල පිරිපහදු කිරීම , මලාපවහන , සනීපාරක්ෂාව සහ ඝණ අපද්‍රව්‍ය පිරිපහදු කිරීමේ ව්‍යාපෘති සඳහා දශක කිහිපයක සිට ශ්‍රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා JAICA අධ්‍යක්ෂ ජනරාල්වරයාට ස්තූති කර තිබේ.
පුනර්ජනනීය බලශක්තිය සහ දුම්රිය මාර්ග ඇතුළු පොදු ප්‍රවාහන පහසුකම් විද්‍යුත්කරණය කිරීම වැනි නව ක්ෂේත්‍ර සඳහා ද JAICA සහාය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යවරයා එහිදී ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.