මාලි රටේදී ලාංකික හමුදා සෙබළෙක් මියයයි

මාලි රටේ සාම සාධක රාජකාරී කළ ලාංකික හමුදා සෙබළෙක් මියයයි

by Staff writer 21-02-2023 | 12:52 PM

COLOMBO (News 1st) -  මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරීවල නිරතව සිටි ශ්‍රී ලාංකික යුද හමුදා සාමාජිකයෙකු මියගොස් තිබේ. 

ඒ, හදිසි හෘදයාබාධයක් හේතුවෙනි. 

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පැවසුවේ, මියගිය හමුදා සාමාජිකයා අනුරාධපුර , විහාරමැදවච්චිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි දෙදරු පියෙකු බවයි.

ඔහු හදිසි රෝගී තත්ත්වයක් මත මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි, යුද හමුදා ප්‍රකාශකවරයා පැවසී ය.