ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැහැ

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට තවමත් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලැබී නැහැ - මුද්‍රණාලයාධිපතිනිය

by Staff Writer . 21-02-2023 | 1:00 PM

COLOMBO (News 1st) - ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මේ වන තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් පොලිසිය ලබාදී නොමැති බව රජයේ මුද්‍රණාලය පවසයි. 

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගා ලියනගේ මහත්මිය පැවසුවේ එම තත්ත්වය තුළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වන බවයි.

ඊයේ පස්වරුව වන විට ප්‍රධාන ගේට්ටුවේ රාජකාරි සඳහා පමණක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යොදවා සිටි බව ද ඇය සඳහන් කළා ය. 

රජයේ මුද්‍රණාලයාධිපතිනිය පැවසුවේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා පොලිස් නිලධාරින් 65 දෙනෙකුගේ ආරක්ෂාවක් අවශ්‍ය බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි අදාළ අංශවලින් ඉල්ලීම් කර ඇති බව ද ඇය සඳහන් කළා ය.  

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සාකච්ඡාවක් ලබන 24 වැනිදා පැවැත්වේ. 

කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, 23 වැනිදා අධිකරණය ලබාදෙන තීන්දුව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක්කරන බවයි.

අධිකරණ නියෝගය අනුව, ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදි තිරණය කරන බව ද, ඔහු පැවසී ය.