ඉන්දීය කාන්තා කණ්ඩායම අවසන් පූර්ව වටයට

ඉන්දීය කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන කාන්තා තරගාවලියේ අවසන් පූර්ව වටයට

by Staff writer 21-02-2023 | 8:34 AM

COLOMBO (News 1st) - ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගෙන තිබේ.

ඒ, අයර්ලන්තයට එරෙහි තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 5 කින් ජය ගනිමිනි.

දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් පාක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 155 ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම පන්දුවට පහරදුන් අයර්ලන්තය පන්දුවාර 8 යි පන්දු 2 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණි.

ඒ අනුව ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 5 කිනි.

එම ජයග්‍රහණයත් සමග ඉන්දීය කණ්ඩායම දෙවැනි කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා ය.