ඉන්දියානු වීසා මධ්‍යස්ථානයේ සොරකමට 5ක් දැලේ..

ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාල වීසා මධ්‍යස්ථානයේ සොරකමට සැක 05ක් අත්අඩංගුවට

by Staff writer 21-02-2023 | 10:25 PM

COLOMBO ( News 1st ) - ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ වීසා මධ්‍යස්ථානයේ ලැප්ටොප් පරිගණකයක් හා DVR යන්ත්‍රයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් කිරුළපන හා වැල්ලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

කිරුළපන ප්‍රදේශයේ ඇළකට දමා තිබියදී ලැප්ටොප් පරිගණකය  සොයාගෙන තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර 63 හැවිරිදි කාන්තාවක් ද සිටින බව පොලීසිය පැවසීය.

සැකකරුවන් පසුගිය 14 වැනිදා රාත්‍රියේ තුංමුල්ලේ පිහිටි වීසා මධ්‍යස්ථානයට ඇතුළු වී එහි තිබූ ලැප්ටොප් පරිගණකයක් හා   DVR යන්ත්‍රයක් සොරකම් කර  පලා ගොස් තිබුණි.