බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කරන්න සියලු පියවර ගන්නවා

බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කරගන්න අවශ්‍ය සියලු පියවර ගන්නවා - මහ බැංකු අධිපති

by Staff writer 21-02-2023 | 6:41 AM

COLOMBO (News 1st) - මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (20) කොළඹදී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමිනි.

මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇත්තේ, බාධා නොතකා - තත්ත්වයකටම අනුවර්ධනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාමයි.

ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්විය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහි ප්‍රධාන දේශනය සිදු කළේ ය.