මහනුවර ගැන කැබිනට් තීන්දුවක්..

මහනුවර විධිමත් පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය

by Staff writer 20-02-2023 | 6:16 PM

COLOMBO ( News 1st ) - ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පූර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය ක‍ළේ, ඒ අනුව කටුගස්තොට දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම සඳහා පියවර ගැනෙනු ඇති බවයි.

කටුගස්තොට, මහනුවර සහ කුණ්ඩසාලේ යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් විශේෂ සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට ද නියමිතය.

එම කමිටුව නාගරික සංවර්ධන අධිකාරිය, මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටුව, දිස්ත්‍රික්කය නියෝජනය කරන මැති ඇමතිවරුන් සහ නගර නිර්මාණ ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්ගෙන් සමන්විත වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. 

මෙම කමිටුව සෑම මාස දෙකකටම වරක් රැස්වී ව්‍යාපෘතියේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.