නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් 11 මරුට

නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් 11 මරුට

by Staff writer 20-02-2023 | 4:41 PM

COLOMBO ( News 1st ) - නවසීලන්තයේ ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් විනාශ වූ ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණනක් වැය වනු ඇති බව එරට අග්‍රාමාත්‍ය, ක්‍රිස් හිප්කින්ස් පවසයි. 

නමුත් මේ මොහොතේ විපතට පත් පුද්ගලයින්ට අවශ්‍ය ආහාර, නවාතැන්, විදුලිය සහ සන්නිවේදනය යන සේවා සැපයීම සිය රජයේ ප්‍රමුඛතම කාර්යය බව ඔහු වැඩි දුරටත් සඳහන් කළ අතර පසුගියදා ඇතිවුණු සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. 

සන්නිවේදන ජාල බිඳ වැටීමත් සමග නවසීලන්ත වැසියන් දහස් ගණනකගේ තත්ත්වය පි‍ළිබඳ තොරතුරු තවමත් වාර්තා වී නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.