තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර ඇරඹේ..

තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර ඇරඹේ..

by Staff writer 20-02-2023 | 10:59 AM

COLOMBO ( News 1st ) –  තුන්වන පාසල් වාරයේ තුන්වන අදියර අදින් (20)ආරම්භ විය. 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, අද ආරම්භ වන තුන්වන අදියර මාර්තු මස 24 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.

2023 වර්ෂයේ පළමු පාසල් වාරය, මාර්තු මස 27 වැනිදා ආරම්භ වෙයි. 

අප්‍රේල් මස 04 වැනිදා සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ලබා දෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාසල් යළි ඇරඹෙන දිනය පසුව දැනුම් දෙනු ඇති.

මේ අතර, පාසල්වල නිවාසාන්තර ක්‍රීඩා උළෙල මාර්තු 31 වැනිදාට පෙර පවත්වන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ. 

පාසල් ආරම්භ කිරීමත් සමග ඉහළ ගොස් ඇති ඩෙංගු අවදානමෙන් සිසුන් ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත විශේෂ උපදෙස් මාලාවක් ද නිකුත් කළේ ය.