ජපාන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව හැර යාමට සැරසෙයි..

ජපාන සමාගම් දෙකක් ශ්‍රී ලංකාව හැර යාමට සැරසෙයි..

by Staff writer 20-02-2023 | 7:21 PM

COLOMBO ( News 1st ) - ජපාන සමාගම් දෙකක් ශ්‍රී ලංකාවේ කාර්යාල වසා දැමීමට තීරණය කර තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, ඒ අනුව ජපාන තයිසේ සහ මිට්සුබිසි සමාගම්වල මෙරට කාර්යාල වසා දැමෙන බවයි.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන එම සමාගම් මෙම තීරණයට එළැඹ ඇති අතර මිට්සුබිසි සමාගමේ මෙරට කාර්යාලය මාර්තු මාසයේ වසා දැමීමට නියමිතය. 
තයිසේ සමාගම මගින් දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති අසල්වැසි රටවල නියෝජිතයින් මගින් ක්‍රියාත්මක බව ද, විදෙස් වාර්තා වල සඳහන් වේ.