අමෙරිකානු ජනපති යුක්‍රේනයට

අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යුක්‍රේනයේ කියෙව් අගනුවරට

by Staff writer 20-02-2023 | 6:46 PM

COLOMBO ( News 1st ) - අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් යුක්‍රේනයේ කියෙව් අගනුවරට පැමිණ තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ, පෙර දැනුම් දීමකින් තොරව මෙම සංචාරය සිදුව ඇති බවයි.

යුක්‍රේනයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ අතරතුර පුද්ගයින් 107 දෙනෙකු මියයාමේ, නව වැනි සැමරුම සිදු වූ දිනයේ මෙම සංචාරය සිදුව තිබෙන අතර විදෙස් වාර්තා පැවසුවේ, අමෙරිකානු ජනාධිපතිවරයා හා යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක් ද එහිදී සිදුව ඇති බවයි.

රුසියානු - යුක්‍රේන ගැටුම් මධ්‍යයේ මෙම සංචාරය ඉතා වැදගත් බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

මේ අතර, රුසියානු - යුක්‍රේන සාම සාකච්ඡා සඳහා මැදිහත්වීමට චීනය සූදානම් වන අතර විදෙස් වාර්තා සඳහන් කළේ, එම සාකච්ඡා සඳහා චීනයේ ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරී වෑන්ග් ඊ සහභාගී වනු ඇති බවයි.

සාකච්ඡා රුසියාවේ මොස්කව් හීදී පැවැත්වෙනු ඇතැයි ද, එම වාර්තා පෙන්වා දී තිබේ.

පසුගියදා වෑන්ග් ඊ ප්‍රකාශ කළේ, චීනය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි.