English
தமிழ்
කර්තෘ Staff writer
20 Feb, 2023 | 2:19 pm
COLOMBO ( News 1st ) – හේතු ගණනාවක් මත මාර්තු 09 වැනිදා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.
මැතිවරණ කොමිසම ඒ බව දැනුම් දුන්නේ, මෝසමක් මගින් කරුණු දක්වමින් ය.
කොමිසන් සභාවට වළක්වාගත නොහැකි බාධා කිහිපයක් නිසා ලබන 09 වැනිදා එම මැතිවරණය පැවැත්වීමට අපහසුතා රැසක් මතුවී ඇතැයි මෝසම මගින් පෙන්වා දී තිබේ.
එම මැතිවරණය සදහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සපයා දීම අසීරු බව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මේ වනවිටත් කොමිෂන් සභාවට දන්වා ඇතැයි ද එහි සඳහන් ය.
රුපියල් මිලියන 410 යි දශම හයක් ලබා දෙන තුරු ඡන්ද පත්‍රිකා ලබාදීමේ හැකියාවක් නොමැති බවට රජයේ මුද්‍රණාලාධිපති විසින් දන්වා ඇතැයි ද මැතිවරණ කොමිසම මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට දැනුම් දී තිබේ.
මැතිවරණ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ලබාදිය යුතු ආරක්ෂාව ලබාදීමට පොලිස්පතිවරයා අසමත් වී ඇති බවත්, ඒ සදහා ගොවිය යුතු ගාස්තුව තුන් තුණයකින් ඉහළ දමා ඇති බවත් මැතිවරණ කොමිසන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨධිකරණයට පෙන්වා දී තිබේ.
මැතිවරණය සදහා අවශ්‍ය වාහන ඉන්ධන, ඇතුළු පහසුකම් ලබාදෙන ලෙසට වගකිව යුතු රාජ්‍ය ආයතනවලට තමන් දැනුවත් කර තිබුණත්, එම ඉල්ලීම් මේ දක්වා ඉටුකර නොමැති බව ද මැතිවරණ කොමිසම මෝසමින් පෙන්වා දී තිබේ.
මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපති දෙපාර්තමේන්තුව, පොලිස්පතිවරයා, ලංකා විදුබල මණ්ඩලයේ සභාපතිවරයා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිස මෙම ඉදිරි මැතිවරණය සඳහා ලබාදිය යුතු පහසුකම් ලබා දී නොමැති බවට ලේඛන සහිතව සහිතවම මැතිවරණ කොමිෂන් සභාව සිය මෝසම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේ ය.
25 Sep, 2023 | 11:17 AM
25 Sep, 2023 | 08:22 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS