ඉන්දීය වීසා කාර්යාලය හෙට සිට යළි වැඩ අරඹයි...

වසා දැමුණු ඉන්දීය වීසා කාර්යාලය හෙට සිට යළි වැඩ අරඹයි...

by Staff writer 19-02-2023 | 10:03 AM

COLOMBO (News 1st) - තාවකාලිකව වසා දැමුණු කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය, හෙට (20)  සිට යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ, හෙට සිට එහි සේවා සැපයීම සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

ආරක්ෂක හේතූන් මත, පසුගිය 15 වැනිදා කොළඹ පිහිටි ඉන්දීය වීසා නිකුත් කිරීමේ මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමුණි.