බස් රථයක් පෙරළී අයෙකු මරුට..

වන්දනා නඩයක් රැගත් බස් රථයක් නෝර්ටන්බ්‍රිජ්හිදී ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයෙකු මරුට: 28කට තුවාල..

by Staff writer 19-02-2023 | 10:25 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී පාද වන්දනාවේ ගොස් යළි එමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් එක් අයෙකු මියගොස් තවත් 28 දෙනෙකුට තුවාල ලබා තිබෙන බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බස් රථය නෝර්ටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය.

තුවාලකරුවන් රෝහල්ගත කිරීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.