.webp)
COLOMBO ( News 1st ) - A-9 මාර්ගයේ කැබිතිගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් 13 හැවිරිදි දැරියක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ, මැදවච්චියේ සිට වව්නියාව දෙසට ගමන් කළ මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.
දැරිය, මව සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථයේ ගැටී ඇත.
තුවාල ලැබූ මව සහ දැරිය වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය මියගොස් තිබේ.
පොලිසීය සඳහන් කළේ, මෝටර් රථයේ රියැදුරු අසනීප තත්ත්වයක් හේතුවෙන් පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.