ජනරජ පෙරහැර ඇරඹෙයි

ජනරජ පෙරහැර වීදි සංචාරය කිරීම ඇරඹෙයි

by Staff writer 19-02-2023 | 8:09 PM

COLOMBO ( News 1st ) - 75 වැනි නිදහස් දිනයට සමගාමිව පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරු ප.ව 6.30 ට වීදි සංචාරය කිරීම ආරම්භ කළේ ය.

ජනරජ පෙරහැර වීදි සංචාරය අරඹයි

75 වැනි නිදහස් දිනට සමගාමිව පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරු ප.ව 6.30 ට වීදි සංචාරය කිරීම ආරම්භ කළේ ය.

පෙරහර ගමන් ආරම්භ කරනු ලැබුවේ, මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සිටය.

මෙම ජනරජ පෙරහැර අලි ඇතුන් 35 දෙනෙකුගෙන් සහ නර්තන කණ්ඩායම් 45 කින් සමන්විතය.

එහිදී රාජ්‍ය ලාංඡනය මංගල හස්තිරාජයා පිට වැඩම කරවීමට නියමිතව ඇතැයි මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කළේ ය.

ජනරජ පෙරහැර හේතුවෙන් අද (19) පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද, ක්‍රියාත්මකය.

පොලීසිය සඳහන් කළේ, පස්වරු 05.00 සිට පෙරහැර අවසන්වන තෙක් එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

දළදා මාළිගය අභියසින් ගමන් ආරම්භ කරන පෙරහැර දළදා වීදිය, යටි නුවර වීදිය හා රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට සැලසුම් කර තිබේ.