ජපානයෙන් චීනයට දැනුම් දීමක්

කිසිදු තාක්ෂණික බැලූනයක් ජපානයට ඉහළින් පියාසර නොකරන්න- ජපානය චීනයට දැනුම් දෙයි.

by Staff writer 19-02-2023 | 10:06 AM

COLOMBO (News 1st) - සිය ගුවන් කලාපය තුළ තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිඳු ආකාරයකින් පියාසර නොකරන ලෙසට ජපානය, චීනයට දැනුම් දී ඇත.

ඒ ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ බලධාරියෙකු අතර පැවති හමුවකදීයි.

කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බව, ජපානය පෙන්වාදී ඇත.

ඉකුත් වසර කිහිපය තුළ ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් නිරීක්ෂණය කිරීමට ජපන් බලධාරින්ට හැකිවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.