අපි කළ පවුවලට අපි දැන් වන්දි ගෙවනවා - ජනපති

අපි කළ පවුවලට අපි දැන් වන්දි ගෙවනවා - ජනපති

by Staff writer 19-02-2023 | 8:06 PM

COLOMBO ( News 1st ) - අපි කළ පවුවලට අපි දැන් වන්දි ගෙවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ, ජනාධිපති කාර්යාලයේ තරුණ කණ්ඩායමක් සමග පැවති හමුවකදීය.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ,නව මැතිවරණ ක්‍රමයක් සැකසීම පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කිරීම අවශ්‍ය බව මෙහිදී ජනාධිපතිවරයා පැවසු බවය. 

ජනාධිපතිවරයා පවසන්නේ මැතිවරණයකදී අපේක්ෂකයෙකුට වැඩි මුදලක් වැය කිරීමට සිදු නොවන ක්‍රමවේදයක් සැකසීම එහි අරමුණ බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
'' අපි මේ තත්ත්වය පිළිබඳව ධනාත්මකව බලලා අපි බලන්න ඕන ඔබලාට අවශ්‍ය විදියට මේ system change එක කරන්නේ කොහොමද කියලා. දැන් මේ තියෙන්නෙ වෙනම පරපුරක්. ඒ කියන්නේ පරපුරවල් දෙක තුනකට පස්සෙ ආපු එකක්. අපි බලන්නේ 2048 දී ලංකාව කොහොම රටක් වෙයිද ?කියලා. දැන් ඉඳලා අවුරුදු 25 ක් ඉදිරියට. ඒ වෙනකොට ඔබලාට අවුරුදු 60ක් වත් නැහැ. අපිට ඕන දියුණු රටක් වෙන්න. ඒ කියන්නේ මැදි ආදායම් රටක් හෝ ඉහල මැදි ආදායම් රටක්. අපිට ඕන අපගේ ප්‍රශ්න විසඳ ගන්න. ඒක අවුරුද්දකින් කරන්න බැහැ. ශ්‍රී ලංකාවේ මූලික ආකෘතිය, එය ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද, සමාජ ආක්කෘතිය කුමක්ද, ඒ පිළිබඳව ඔබ තීරණයක් ගන්න ඕන. ඒ හින්දා දැන් තීරණයක් අරගෙන මෙම ක්‍රියාදාමයට සහභාගි වෙන්න. ''


මේ අතර විදුලි බිල වැඩි කිරීමට සිදු වූ හේතුව ද ජනාධිපතිවරයා පැහැදිලි කළේ ය.

'' අපිට විදුලි බිල වැඩි කරන්න සිදුවුණා. ඒ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 230 ක පාඩුවක් ලබන නිසා. විදුලි බිල වැඩි කළේ, නැත්නම් ඔබලාට විදුලි බලය නැහැ. අපි කරපු පව් වලට තමයි අපි මේ ගෙවන්නේ.''