.webp)
COLOMBO (News 1st) – ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සඳහා සිසුන් බඳවා ගැනීමේ අභියාචනා මේ මස 28 වැනි දින දක්වා භාර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
2019 සහ 2020 වසරවල උසස් පෙළ ප්‍රතිඵල මත විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගන්නා අතර එම සම්මුඛ පරීක්ෂණ සම්බන්ධයෙන් සිසුන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි ය.
ඒ අනුව අභියාචනා අධ්‍යාපන අධ්‍යක්ෂ (විද්‍යා පීඨ) විද්‍යා පීඨ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල යන ලිපිනයට යොමු කළ යුතු වෙයි.
එහි උසස් පෙළ විභාගයට පෙනී සිටි වර්ෂය , නව නිර්දේශය, පැරණි නිර්දේෂය ද යන්න සඳහන් කළ යුතු අතරම අභියාචනා කිරීමට හේතුව, අයැදුම්කරුවන්ගේ නම, ලිපිනය, දුරකතන අංකය ඇතුළත් විය යුතුයි.