මැතිවරණ කොමිසමෙන් මෝසමක් ලබන සඳුදා..

මැතිවරණ කොමිසමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ලබන සඳුදා මෝසමක්..

by Staff writer 18-02-2023 | 3:29 PM

COLOMBO (News 1st) - ලබන සඳුදා(20) ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත් සහයක් නොලැබෙන බව පෙන්වා දෙමින් අදාළ මෝසම ඉදිරිපත් කරන බවයි.

නියමිත දිනට මැතිවරණය පවත්වන බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාව පසුගිය දා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන්නේ ය.

ලබාදුන් ප්‍රතිඥාව, ඉටු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අදාළ මෝසම හරහා කරුණු දැක්වීමට නියමිතය.