.webp)
COLOMBO (News 1st) – මාතර , වැල්ලමඩම වෙරළ තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ සිසුවෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.
පොලීසිය පැවසුවේ වැල්ලමඩම වෙරළ තීරයේ සිට දකුණු දෙසින් පරවී දූපත ආසන්නයේදී තිබියදී මළ සිරුර හමුවී ඇති බවයි.
මාකඳුර ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි රවිඳු ගයේෂාන් නැමැති සිසුවාගේ මළ සිරුර එලෙස හමුවී තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (17) පෙරවරු 10.00ට පමණ පාසල් සිසුන් තිදෙනෙකු මෙලෙස මුහුදේ ගසාගෙන ගොස් ඇති බව යි.
ඔවුන් මාතර, මාවරල ප්‍රදේශයේ පදිංචි සිසුන් තිදෙනෙකි.