.webp)
COLOMBO (News 1st) – හොරණ, ඉළිඹ ප්‍රදේශයේ කළු ගඟේ මැණික් ගැරීමට ගිය පුද්ගලයෙකු අතුරුදන් වී තිබේ.
පොලීසිය පැවසුවේ, අදාල පුද්ගලයා දියේ ගිලුණු බවට ඔවුත් සමග ගිය තවත් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසියට පැමිණිලි කළ බවයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ, ඉළිඹ , කටුහේන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සිව්දරු පියෙකි.