ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ සහය නොලැබුණත්, ඩොලර් බිලියන 2.9ක ණය පහසුකමට IMF අනුමැතිය ලැබේවි – බ්ලූම්බර්ග් වෙබ් අඩවිය

කර්තෘ Staff writer

18 Feb, 2023 | 7:35 am

COLOMBO ( News 1st ) –  ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයේ සහය නිල වශයෙන් නොලැබුණද, ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක ණය පහසුකම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලැබෙනු ඇති බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. 

කිසියම් රටක් ණය ප්‍රතිව්‍යුහගතකරණයට සහය නොදක්වන්නේ නම්, විශේෂ අවස්ථාවලදී පමණක් යොදා ගන්නා ප්‍රතිපත්තියකට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙලෙස ණය පහසුකම් සඳහා අනුමැතිය ලබා දිය හැකි බව එම වෙබ් අඩවියේ සඳහන් ය. 

ආරංචි මාර්ගවලට අනුව ශ්‍රී ලංකාවට ණය පහසුකම ලැබීම සඳහා අවශ්‍යව ඇත්තේ චීනයේ නිල අනුමැතිය පමණක් බවද එම වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කළේ ය.  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයෙකු සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා බලධාරීන් ණය පහසුකම සඳහා අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය පියවර මේ වනවිට ක්‍රියාත්මක කරමින් ඇති බවයි. 
 
උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]