.webp)

COLOMBO ( News 1st ) - හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයොන් මුස්තාපා මහතාගේ ප්‍රජා අයිතිය වසර 7කට අද (17) අධිකරණය අත්හිටවීය.
ඊට අමතරව මාස 06 ක සිරදඬුවමක් හා රුපියල් 500 ක දඩයක් ද ඔහුට නියම කෙරිණ.
කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා අද (17) නියෝගය කළේ, මයොන් මුස්තාපා මහතා 2010 ජනාධිපතිවරණයේදී මන්ත්‍රීවරයකු සහාය ගැනීම සඳහා රුපියල් ලක්ෂ 42 ක මුදලක් අල්ලසක් ලෙස ලබාදිම ඇතුළු චෝදනා යටතේ නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුවට අදාළවයි.
විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණේ සහාය ලබා ගැනිම සඳහා එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතාට අදාළ අල්ලස ලබාදීමට සුදානම් වූ බව සඳහන් ය.
