රුසියා යුක්‍රේන යුද්ධයේ නවතම තත්ත්වය..

රුසියාව යුක්‍රේනයට එල්ල කරන මිසයිල ප්‍රහාර දැඩි කරයි

by Staff writer 17-02-2023 | 1:36 PM

COLOMBO (News 1st) – රුසියානු හමුදා යුක්‍රේනය වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම දැඩි කර තිබේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නවීකරණය කළ දශක 6ක් පමණ පැරණි මිසයිල ද ඒ සඳහා යොදාගෙන ඇති බවයි. 

එම ප්‍රහාර සමග යුක්‍රේනයේ නිප්රෝපෙට්‍රොව්ස්ක් ප්‍රදේශයේ සිවිල් වැසියන්ද ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය.  

යුක්‍රේනය සඳහන් කළේ, එම නවීකරණය කරන ලද මිසයිල ප්‍රහාර වැළැක්වීම සඳහා තම ප්‍රතිප්‍රහාර සුදුසු මට්ටමක නොමැති බවයි. 

මේ අතර, එළඹෙන අප්‍රේල් මාසය වනවිට නිප්රෝපෙට්‍රොව්ස්ක් නගරය මුලුමනින්ම අත්පත් කරගැනීමට හැකිවනු ඇතැයි වැග්නර් ලෙස හඳුන්වන රුසියානු කුලී හේවායන්ගේ නායකයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.