.webp)
මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ එහි ඉහළ නිලධාරීන් අද මැතිවරණ කොමිසම හමුවට කැඳ වූ අවස්ථාවේදී ඔවුන් මේ බව ප්‍රකාශ කළ බවයි.
රජයේ වියදම් සීමා කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව රටේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් වෙන් කිරීමට සිදුව ඇති බව ඔවුන් කොමිසමට දැනුම්දී ඇත.
ඔවුන් වැඩිදුරටත් දැනුම්දී ඇත්තේ, වෙනත් අත්‍යවශ්‍ය නොවන වියදම් සඳහා රටේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබාගත යුතු බවට ද තවත් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.
මේ වනවිට මුදල් අමාත්‍ය ධුරය දරන්නේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.
මෙවැනි වතාවරණයක් තුළ මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට බාධාවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අද මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.