.webp)

COLOMBO ( News 1st ) - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, සුළු හා මහා පරිමාණ සහල් මෝල් හිමියන් ඊයේ (16) හමුවූ අවස්ථාවේදීයි.
නිෂ්පාදන වියදම ඉහළ යාම, බැංකු ණය සඳහා පොළිය ඉහළ යාම වැනි කර්මාන්තකරුවන් මුහුණ දී සිටින ගැටළු පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළේ ය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ,
''ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ කන්නයට දෙන්න පුලුවන් සහන සීමා සහිතයි. මොකද අපි හුගාක් අමාරු තැනක ඉන්නේ. අද කියන්නේ මිනිස්සු බඩගින්නේ ඉන්නේ පිළි අරගෙනනේ වැඩකරන්න ඕනේ. ව්‍යාපාර වැහිලා රැකියා නැතුව මැදපන්තියේ සමහර අය වැටිලා පල්ලෙහාට. මේ අවුරුද්ද ගෙනියන එක තමයි අමාරුම වෙන්නේ. ඊට පස්සේ සහනයක් ඇතිවෙනවා. ඒත් මේක කරන එක මම බලන්නේ එහෙනම් අපි ඉස්සෙල්ලාම අපි ගොවියාගේ නිෂ්පාදන වියදම අඩු කරන්නේ කොහොමද? නිෂ්පාදනය වැඩිකරන එකට අපි ඔක්කෝම එකතු වෙලා කරන්න ඕනේ. අපි බලාපොරොත්තුවෙන්නේ මාර්තු මාසයේ හරි අයි.එම්.එෆ් ලැබෙනවා නම් අර පොලිය අඩුකරගෙන යන්න. උද්ධමනයයි පොලියයි අඩුකරගත්තොත් එතකොට අපිට පුලුවන් ඊළඟ ටික හදාගන්න. අපි දැන් ඉන්නේ අමාරුම තැනක වැඩිකරන්න තියෙන ඔක්කෝම අපි වැඩිකරලා ඉවරයි. දැන් තියෙන්නේ සල්ලි ටික ආපහු එන්න ඊයේ තමයි අන්තිම එක කළේ. තාමත් මිනිස්සු බනිනවා කරන්න දෙයක් නැහැ.''
