.webp)
COLOMBO ( News 1st ) - වත්මන් ලෝක ශූර ඔස්ට්‍රේලියාව 2023 පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට අද (16) සුදුසුකම් ලබා ගත්තේය.
ඒ, ශ්‍රී ලංකාවට එරෙහිව අද (16) පැවැති තරගය කඩුලු 10කින් ජය ගනිමිනි.
දකුණු අප්‍රිකාවේ ශාන්ත ජෝර්ජ් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වූයේ, ලකුණු 112 ක් පමණි.
නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර හර්ෂිතා සමරවික්‍රම ලකුණු 32ක් රැස් කළාය.
මේගන් ෂට් ලකුණු 24 කදී කඩුලු 3 ක් බිඳ හෙලනු ලැබූ අතර ලකුණු 113 ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා ක්‍රීඩිකාවන් නියමිත ඉලක්කය පසු කළේ පන්දුවාර 15 යි පන්දු 5 ක් අවසානයේ කිසිවකු නොදැවී සිටියදීය.
ඇලිසා හීලි නොදැවී ලකුණු 54 ක් රැස් කිරීමට සමත් විය.
බෙත් මූනි නොදැවී ලකුණු 56 ක් රැස් කළ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙම තරගාවලියේ අඛන්ඩව ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ඒ අනුව පළමු කාණ්ඩයේ ලකුණු සටහනේ පෙරමුණේ රැඳී සිටින ඔවුන් අවසන් පූර්ව වටයේ ස්ථානය තහවුරු කර ගත්තේ ය.