PUCSL සභාපතිගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබයි..

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබයි..

PUCSL සභාපතිගේ නිල කාර්යාලයට පොලීසිය මුද්‍රා තබයි..

කර්තෘ Staff writer

16 Feb, 2023 | 3:14 pm

COLOMBO (News 1st) – මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලයට කොල්ලුපිටිය පොලීසිය මුද්‍රා තබා තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව එය සිදු කළ බවයි.

රජය අපහසුතාවයට පත්වන ආකාරයේ සිදුවීම් ඒ තුළ වන බවට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර, එම නියෝගය ලබාගත් බව, ඔහු ප්‍රකාශ කළේ ය. 

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා මේ වනවිට විදෙස්ගතව සිටින බැවින් ඔහු යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහු ඉදිරිපිටදී අදාළ කාර්යාලය විවෘත කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]