සබරගමුව සරසවිය වැසේ..

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

by Staff writer 16-02-2023 | 4:20 PM

COLOMBO ( News 1st ) - සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර හැර, සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. 

ඒ, සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් මුල් කරගනිමින් ය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා නිවේදනය කළේ, අද (16)පස්වරු 4.00ට පෙර සියලු සිසුන් නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි.

ඒ අනුව අද පස්වරු 4.00න් පසුව සිසුන්ට විශ්වවිද්‍යාල භූමියේ රැඳී සිටීම තහනම් වන බව ද, උපකුලපතිවරයා නිවේදනය කළේ ය.