මේ මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ වැඩිවීමක්

සංචාරකයින් පැමිණීමේ වැඩිවීමක්... වැඩිම සංචාරකයින් රුසියාවෙන්

by Staff writer 16-02-2023 | 6:34 AM

COLOMBO (News 1st) - පසුගිය මාසයට සාපේක්ෂව මේ මාසයේ මෙරටට පැමිණි සංචාරකයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එහි සභාපති සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයින් එක් ලක්ෂ පනස් හත්දහස් දෙසිය තිස් දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.