.webp)
COLOMBO ( News 1st ) - 2018 වසරේ දී තායිලන්තයේ තාම්ලූ ආන් ගුහාවේ සිර වී සිට මුදවා ගත් එවකට 13වැනි වියේ පසු වූ Duangpetch Promthep ඉතා අවාසනාවන්ත ලෙස ජීවන ගමනින් සමුගෙන තිබේ.
2018 ජූලි මස තායිලන්තයේ තාම්ලූ ආන් ගුහාවේ පාපන්දු කණ්ඩායමක් සිය පාපන්දු පුහුණුකරු සමග සිර වීමේ සිදු වීමෙන් පසු එම සිදුවීම ලොව පුරා කතා බහට ලක් විය.
එවකට තායිලන්ත රජය සහ අනෙකුත් සහන කණ්ඩායම් එක් වී මෙම පිරිස මුදවා ගැනීමේ සිදු වීම ලොව පුරා එක් රැයකින් ප්‍රසිද්ධියට පත් වූ සිදු වීමක් විය.
කෙසේ වෙතත් එම සිදු වීමෙන් පසු තායි රජය කියා සිටියේ මෝසම් වැසි තත්ත්වය නතර වන තුරු මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කිරීම අපහසු වන බවයි.
සති දෙකක කාලයක් පුරා සිදු කෙරුණු සාර්ථක මුදවා ගැනීමේ සැලැසුම් හේතුවෙන් පුහුණුකරුවා ඇතුළු පාපන්දු කණ්ඩායම නිරුපද්‍රිතව බේරා ගැනීමට තායිලන්තය සමත් වීම ලොව පුරා ජනතාව බලා සිටියේ ඉමහත් සතුටිනි.
සිනා මුසු මුහුණින් නිරුපද්‍රිතව ගුහා ද්වාරයෙන් පිටතට පැමිණි කුඩා පාපන්දු වීරයින් පිළිබඳ කතාව සිනමා පට වලට නැගීමට පවා එකළ කතා බහක් ඇති විය.
කෙසේ වෙතත් පසුගිය වසරේ දී ශිෂ්‍යත්වයක් දිනා ගැනීමෙන් පසුව මෙම Duangpetch Promthep බ්‍රිතාන්‍ය බලා පිටව ගොස් තිබුණි. Duangpetch Promthep වයිල්ඩ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලෙයිසෙස්ටර්ෂයර් හී බෘක් හවුස් කොලේජ් පාපන්දු ඇකඩමිය හා සම්බන්ධ වෙමින් පාපන්දු ක්‍රීබාවේ නියැලෙමින් සිටීයදී බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ජීවිතක්ෂයට පත්වන විට ඔහු 17 හැවිරිදි වියේ පසු විය.
කෙසේ වෙතත් ඔහුගේ මෙම හදිසි වියෝවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර Promthep ගේ හිසෙහි කලක් පුරා පැවැති තුවාලයක් හේතුවෙන් ඔහු පීඩා විඳි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.