.webp)
ඇය සඳහන් කළේ, මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව ලබාදීම ලැබුණහොත් දින 4 ක් ඇතුළත තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් කළ හැකි බවයි.
ආයතනයට අවශ්‍ය ආරක්ෂාව නොමැති බව ඇය පැවසීය.
පොලිස් නිලධාරීන් 3 දෙනෙකු පමණක් ඊයේ (15) දිනයේ ලබා දුන් බව ද ඇය සඳහන් කළා ය.
එහෙත් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු පමණ අවශ්‍ය බව ගංගානි කල්පනී ලියනගේ මහත්මිය සඳහන් කළා ය.