ගන්න තියෙන අවසන් තීන්දුව හැටියට වැඩි කළ විදුලි ගාස්තු සංශෝධනය...

by Staff writer 16-02-2023 | 11:57 AM

COLOMBO (News 1st) -  66% ක විදුලි ගාස්තු වැඩි කිරීමත් සමග අද (16) සිට විදුලි කප්පාදුව අත්හිටුවන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 

''ජනවාරි මාසෙ ලබා දීපු යෝජනාව ජනවාරි සිට ක්‍රියාත්මක වූයේ නම්, මම හිතනවා අපිට තවත් පහසු වෙනවා. කෙසේ හෝ ඒක ප්‍රමාද වෙනවා . ප්‍රමාදෙකින් හෝ ලැබීම තුළ අද දවසේ සිට අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කරන්න පුළුවන් කමක් තියෙනවා'' 

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුව අමතමිනි. 

අමාත්‍යවරයා පැවසුවේ, විකල්ප අධ්‍යනය  කිරීමෙන් පසු අවසන් විකල්පය ලෙස අකමැත්තෙන්  හෝ  ගාස්තු සංශෝධන තීන්දුවට එළැඹිමට සිදු වූ බවයි.   

''ආණ්ඩුවකට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, ජනාධිපතිවරයෙකුට ගන්න පුුළුවන් අපහසුම තීන්දුව අමාත්‍යවරයෙක්ට ගනන් පුළුවනස් අපහසුම තීන්දු විදුලිබල මණ්ඩලයට ගනන් පුළුවන් අපහසුම තීන්දුව අරන් තියෙන්නෙ,  ඒ තීන්දුව තවත් අපහසු වෙලා. පසුගිය කාලෙ බදු  සංශෝධන, වගේම වෙනත් වැය ක්‍රම නිසා.. අපු කණගාටුව පළ කනරනවා... රජයට කිසිම අදහසක් නෑ ජනතාව මත පමණක් බර පටවලා, මේ ක්‍රියාවලිය කරගනෙ යා යුතයි කියලා'' 

විදේශ විනිමය හිඟය, රුපියල් හිඟය, පිරිවැය දැරීමට සිදුවීම, දීර්ඝ කාලයක් තිස්සේ නියාමන ආයතන ඇතුළු අනුබද්ධ ආයතන , පැවති රජයන්  රටට අවශ්‍ය ජනන සැලැස්ම නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම , අවම වියදමෙන් විදුලිය ලබා ගැනීම සඳහා ගතයුතු උත්සාහයන් නොගැනීම වැනි කරුණු වසරක අධික කාලයක් තිස්සේ ක්‍රියාතමක වූ විදුලි කප්පාදුවට හේතු වූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.