.webp)
COLOMBO ( News 1st ) - අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කර ඇති පෞද්ගලික නඩුව සම්බන්ධයෙන් නියෝගය ලබන අප්‍රේල් 6 වැනිදා නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අද (16) තීරණය කළේ ය.
මෙරට ආර්ථිකය පරිහානියකට පත් කිරීමට හේතු පාදක වූ තීන්දු තීරණ ගත්, අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා එම පැමිණිල්ල ගොනු කළේ, හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාය.
අජිත් නිවාඩ් කබ්රාල් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම ද අප්‍රේල් 6 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කෙරුණි.