.webp)
COLOMBO ( News 1st ) - ටාටා සමුහ ව්‍යාපාරයට අයත් එයාර් ඉන්දියා ගුවන් සමාගම මගී ප්‍රවාහන ගුවන් යානා 840 ක් ඇනවුම් කර ඇතැයි ඉන්දිය මාධ්‍ය අද (16) වාර්තා කළේ ය.
එම වාර්තාවල දැක්වෙන්නේ එයාර් බස් සහ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම් වලින් මෙම යානා ඇණවුම් කර ඇති බවය.
එම වාර්තාව පෙන්වා දී ඇත්තේ ඒ අතරින් යානා 370ක් කඩිනමින් මිලදී ගැනීමට එයාර් ඉන්දියා සමාගම බලාපොරොත්තු වන බවය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගුවන් සමාගමක් මෑත ඉතිහාසයේ සිදු කරන ලද විශාලතම ගුවන් යානා ඇණවුම මෙය බවය.