.webp)
COLOMBO ( News 1st ) - මහරගම අපේක්ෂා රෝහලේ දුර්ලභ ඖෂධ තොගයක් සොරා ගෙන අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් එහි සේවකයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
අදාළ සැකකාර සේවකයා පරිත්‍යාගශීලීන් ලබාදී තිබූ එන්නතක් කුප්පියක් රුපියල් 21,000කට රෝගියකුට අලෙවි කිරීමට යාමේදී ලද තොරතුරක් මත අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.
පසුව කළ පරීක්ෂාවකදී අදාළ සේවකයාගේ නිවසේ තිබී තවත් එන්නත් තොගයක් සහ රුපියල් 425,290 ක මුදලක් සොයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට ප්‍රකාශ කළේ ය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේ, සිය සේවාදායකයා ඖෂධවේදියෙකු බැවින් ඔහුගේ නිවසේ ඖෂධ අලෙවි කරන වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවයි.
එහෙත්, ඔහුට ඖෂධ අලෙවි කිරීම සඳහා නිසි බල පත්‍රයක් නොමැති බව, විමර්ශන නිලධාරීන් එහිදී අධිකරණයට පෙන්වා දුන්නේ ය.