අඛණ්ඩව විදුලිය දෙන්න… අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න – ජනපතිගෙන් විදුලි බලධාරීන්ට උපදෙස්

අඛණ්ඩව විදුලිය දෙන්න… අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න – ජනපතිගෙන් විදුලි බලධාරීන්ට උපදෙස්

අඛණ්ඩව විදුලිය දෙන්න… අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න – ජනපතිගෙන් විදුලි බලධාරීන්ට උපදෙස්

කර්තෘ Staff writer

16 Feb, 2023 | 10:45 am

News 1st – මහජන උපයෝගිතා කොමිෂන් සභාව  අනුමත කළ විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කිරීමත් සමග දුෂ්කරතාවට පත් වන පාර්ශ්වයන්ට සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට සහ වගකිවයුතු නිලධාරීන්ට අද (16) උපදෙස් ලබා දී තිබේ. 

ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලිය සැපයීම මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් වෙත සහන සැලසීම, ආගමික ස්ථාන සහ රජයේ අධ්‍යාපන ආයතන සඳහා සූර්ය පැනල ලබා දීම වැනි කටයුතු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත. 

මේ අතර විදුලි බිල වැඩි කිරීමේ තීරණයත් සමග  අද (16) සිට විදුලිය විසන්ධි නොකිරීමට විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය  තීරණය කර තිබේ. 

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදීමත් සමග  ඊයේ (15) සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි.   

විදුලි බිල ගෙවා ගැනීමට ආර්ථික අපහසුතා ඇති පුද්ගලයින් පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසක විදුලි බිල 276% කින්  ඉහළ යන අතර ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල්  2,560 ක් දක්වා ඉහළ යනු ඇති.

ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360 ක විදුලි බිල රුපියල් 1300 ක් දක්වා ඉහළ යන අතර එය 261% ක වැඩිවීමකි. 

ඒකක 90 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 1800 ක් වූ විදුලි බිල රුපියල් 4430 ක් දක්වා ඉහළ යනු ඇති. 

ඒකක 200 වැඩියෙන් භාවිත කරන නිවසක විදුලි ගාස්තු ඉහළ නංවා ඇත්තේ 32% ක ප්‍රතිශතයකිනි. 
 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]