හෙල්මට්වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

හෙල්මට්වලින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කළ පාසල් සිසුන් 3 දෙනා අත්අඩංගුවට

by Staff writer 15-02-2023 | 9:58 AM

COLOMBO (News 1st) - අලුත්ගම, කුරුන්දිප්පිට ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුම්වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ 16 හැවිරිදි පාසල් සිසුන් 3 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (14) පස්වරුවේ 16 හැවිරිදි බාලවයස්කරුවන් තිදෙනෙකු හෙල්මට්වලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

වලගෙදර කුරුන්දිප්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තුවාල ලැබූ 34 හැවිරිදි පුද්ගලයා මියගොස් ඇත්තේ, සීනවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි.