පොලිසියේ 4කට මරණ දඬුවම

වැටලීමකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ පොලිසියේ 4කට මරණ දඬුවම

by Staff writer 15-02-2023 | 4:09 PM

COLOMBO (News 1st) -  වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට හම්බන්තොට මහාධිකරණය අද මරණ දඬුවම නියම කළේ ය. 

ඒ , 2005 වර්ෂයේදී තිස්සමහාරාම මාගම ප්‍රදේශයේ වැටලීමක් අතරතුරදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. 

මරණ දඬුවම නියම කර ඇත්තේ එකල තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 4 දෙනෙකුටයි.