මාවනැල්ල ප්‍රා. සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි මාවනැල්ල ප්‍රා. සභා සභාපතිගේ ධුරය අත්හිටුවයි

by Staff writer 15-02-2023 | 10:21 AM

COLOMBO (News 1st) – මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්. පී. එන්. දසන්ත ස්ටීවන් මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවමින් සබරගමුව පළාත් අණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 

සභාපති ධුරයේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර ඇත්තේ මවනැල්ල ප්‍රාදේශීය සභාවේ උප සභාපති කේ.
ජි. පියතිස්ස මහතායි.

සභාපතිවරයා තම ධුරයේ රාජකාරි කටයුතු කිරීමේදී වැරදි සිදුකර ඇත්දැයි සොයා බලා වාර්තා කිරීමට ඒක පුද්ගල පරීක්ෂණ කොමිසමක් ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර ඇති අතර එහි වාර්තාව මාස තුනක් ඇතුළත තමන් වෙත භාර දෙන ලෙස ද නියෝග කර තිබේ.