මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට

by Staff writer 15-02-2023 | 6:26 AM

COLOMBO (News 1st) - මහ කන්නයේ වී මිලදී ගැනීම අද (15) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කර ඇති බවය.

ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 100 කට මිලදී ගැණෙනු ඇති.

තෙතමනය 14% ඉක්මවන නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 88 කට ද මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.