මත්පෙති ජාවාරමකට සම්බන්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

මත්පෙති ජාවාරමකට සම්බන්ධ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

by Staff writer 15-02-2023 | 10:07 AM

COLOMBO (News 1st) - මත්පෙති ජාවාරකට සම්බන්ධ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමකිනි. 

සැකකරු සන්තකයේ තිබී මත්පෙති 145ක් සොයා ගත් බව පොලීසිය පැවසුවේ ය.

සැකකරු 44 හැවිරිදි බදුල්ල, මයිලගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු පාසල් ළමුන්ට අලෙවි කිරීම සඳහා මත්පෙති ජාවාරම්කරුවන්ට ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.