ඝාතන සිදුවීමකට වැරදිකරුවන්වූ දෙදෙනෙකුට මරණ දඩුවම

ඝාතන සිදුවීමකට වැරදිකරුවන්වූ දෙදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඩුවම්

by Staff writer 15-02-2023 | 7:03 PM

COLOMBO (News 1st) - තියුණු ආයුධවලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන්වූ  දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු මහේෂ්වීරමන් මහතා අද (15) මරණීය දණ්ඩනය නියම කළේ ය. 

එලෙස මරණ දඬුවම ලබා දුන්නේ, ගයාන් දුශාන්ත හා දුෂාන් ප්‍රියංකර හෙවත් ලොකූ නැමැති විත්තිකරුවන් දෙදෙනාටයි. 

2008 වසරේදී ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේදී, ජමාල් නානා නැමැත්තා ඝාතනය කිරීමේ නඩුවට අදාලව ඔවුන්  මෙලෙස වරදකරුවන් කෙරිණි.

නඩුවේ සෙසු විත්තිකරුවන් වූ  තුන්දෙනෙකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ ය.