සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය තියන්න තවමත් හැකියාව තියෙනවා – මැතිවරණ කොමිසම

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය තියන්න තවමත් හැකියාව තියෙනවා – මැතිවරණ කොමිසම

සැලසුම් කළ පරිදි තැපැල් ඡන්දය තියන්න තවමත් හැකියාව තියෙනවා – මැතිවරණ කොමිසම

කර්තෘ Staff writer

15 Feb, 2023 | 11:33 am

COLOMBO (News 1st) – පළාත් පාලන මැතිවරණයේ තැපැල් ජන්දය සැලසුම් කළ පරිදි ලබන 22, 23 සහ 24 යන දිනවල පැවැත්වීමේ හැකියාව තවමත් ඇතැයි මැතිවරණ කොමිසම පවසයි. 

කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසන්නේ තැපැල් ජන්ද පත්‍රිකා බෙදා හැරීම පමණක් ප්‍රමාදවී ඇති බවයි.

මැතිවරණ කොමිසම තැපැල් ඡන්ද පත්‍රිකා අද දිනයේ බෙදාහැරීමට සැලසුම් කර තිබිණ. 

නමුත්  මුදල් නොලැබීමේ ගැටවුක් මත තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමේ ගැටවක් ඇති බව රජයේ මුද්‍රණාලය ප්‍රකාශ කළේ ය. 

කෙසේ වෙතත් මැතිවරණ කොමිසම හා රජයේ මුද්‍රණාලය ඒ පිළිබඳව සාකච්ජා කර තිබිණ. 

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත නියමිත පරිදි තැපැල් ඡන්ද පත්‍රිකා රාජ්‍ය මුද්‍රණාලයෙන් කොමිසම වෙත ලබා දෙනු ඇතැයි, අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ ය. 

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]