ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක්

වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7කට පූර්ණ තහනමක්

by Staff writer 14-02-2023 | 6:37 PM

COLOMBO ( News 1st ) - වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් නිෂ්පාදන වර්ග 7 ක් ආනයනය, විකිණීම සහ භාවිතය ජූනි මස 1 වැනිදා සිට තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවි තිබේ.

ඒ අනුව වරක් භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් බීම බට, කැලතීමේ උපකරණ, යෝගට් හැඳි, ප්ලාස්ටික් මල්මාලා, ඉඳිආප්ප වට්ටි ආදී නිෂ්පාදනය මෙරට තුළ තහනම් වනු ඇති.

ඒ සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරිමට පත් කළ  විශේෂඥ කමිටුවේ නිර්දේශය මත මෙම තිරණය ගෙන තිබේ.