හමුදා බුද්ධි අංශයේ දෙදෙනා රිමාන්ඩ්

බොරැල්ලේ වෙඩි තැබීම: හමුදා බුද්ධි අංශයේ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 14-02-2023 | 5:01 PM

COLOMBO ( News 1st ) - බොරැල්ලේ වෙඩිවැදී කාන්තාවක මියයෑමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනා  ඊයේ (13) රාත්‍රියේ මත්කුඩු ජාවාරම් සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට වනාතමුල්ල, තල්ගස්වත්ත ප්‍රදේශයට ගොස් තිබිණ.

එහිදී ඇති වූ සිදුවීමකදී  වෙඩි වැදීමෙන් 25 හැවිරිදි කාන්තාවක් මිය ගියා ය.