පුංචි ඡන්දය :කර්නල්වරයාගෙන් අධිකරණයට මෝසමක්

පුංචි ඡන්දය අත්හිටුවන්නැයි ඉල්ලූ පෙත්සම 22 වැනිදාට පෙර කැඳවන්නැයි විශ්‍රාමික කර්නල්වරයාගෙන් අධිකරණයට මෝසමක්

by Staff writer 14-02-2023 | 6:53 PM

COLOMBO ( News 1st ) - මැතිවරණය පැවැත්වීම අත්හිටුන්නැයි ඉල්ලා තමන් ගොනුකළ පෙත්සම ලබන 22 වැනිදාට පෙර කැඳවන ලෙසට විශ්‍රාමික කර්නල්වරයෙකු වන W.M.R විජේසුන්දර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (14) මෝසමක් ඉදිරිපත් කළේ ය.

පසුගිය 10 වැනිදා ඔහු ගොනු කළ  පෙත්සම සලකා බැලු එස්.තුරෙයිරාජා, A.S.M.D නවාස් , ශෙහාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල තීරණය කළේ, අදාළ පෙත්සම ලබන 23 වැනිදා කැඳවීමටයි.

ලබන 17, 20 හෝ 21 යන දින තුනෙන් එක් දිනෙක එම පෙත්සම කැඳවන ලෙස පෙත්සම්කරු සිය නීතිඥවරුන් මගින් අද (14)  ඉල්ලා  සිටියේ ය.