.webp)
පාලක ජනරාල්වරයා සඳහන් කළේ, ඊයේ (13) බලපත්‍ර ලබාගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දහවල් 12.00 සිට බලපත්‍ර ලබාගත හැකි බවයි.
තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඊයේ උදෑසන 10.30 සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ පද්ධතිය බිඳ වැටුණි.
මේ නිසා එක්දින සේවාවට යටතේ සිය විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණි පිරිස් දැඩි අපහසුතාවකට පත් විය.
ඊයේ දිනයේ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට අද දිනයේ දෙපාර්තමේන්තුවේ වියදමින් විදේශ ගමන් බලපත්‍ර තැපැල් මගින් යැවීමට කටයුතු කරන බව ද පාලක ජනරාල්වරයා සඳහන් කළේ ය.